දැනට තිබෙන පාඩම්...

Monday, August 10, 2015

ජාවා ඉගෙන ගනිමු- 2 පාඩම

අපේ දෙවන පාඩමෙන් කථා කරන්න හිතුවෙ class, methods සහ abstract ගැන...

අපි කථා කලොත් class ගැන, class ඇතුලෙ දාන්න පුලුවන් මොනාද බැරි මොනාද කියලා
class ඇතුලෙ control structures, System.out.println(""); වගේ දේවල් එකපාර දාන්න බෑ.ඒවා දානවනම් method හරි constructor එකකින් හරි එන්න ඕන.

class ඇතුලෙ variables, constructors, methods කියන ඒවා දාන්න පුලුවන්.
Java වල variables ප්‍රධාන කොටස් දෙකයි. instance variables හා static variables. instance variables කියන්නෙ primitive data type එක්ක එන ඒවා. static variables  කියන්නෙ මුලට static කියන keyword එකත් එක්කම declare වෙන variables.

method එකක් අපි ලියන්නෙ
[access modifier ] return type method name (parameter type  parameter name)
{method body}
ආකාරයට.

අපි බැලුවොත් මේ Access Modifiers කියන්නෙ මොකක්ද කියලා, මේක ප්‍රධාන කොටස් 4යි.

  1. Public- ඕනැම class එකක පාවිච්චි කරන්න පුලුවන්
  2. Private-ඒ class එකේ විතරයි
  3. Protected -  Inheritance කියන concept එ‍කේදි පාවිච්චි කරන parent class එකක තියෙන protected දත්ත ඒ parent class එකේ child class නැත්නම් sub class එකේදි පාවිච්චි කරන්න පුලුවන්.
  4. Default- ඒ package එකේ ඇතුලෙ විතරයි.
  මේකෙ return type කියන්නෙ අපි මේකට යම් value එකක් return කලොත් අන්න ඒ value එකේ data type  එක return type  වෙනවා.
ඒ වගේම Method name එක unique වෙන්න ඕනග


abstract කථා කරද්දි වැඩියෙන්ම කථා කරන දෙකක් තමයි interfaces සහ abstract methods
abstract class එකක් ඇතුලේ abstract/ non-abstract method 2ම ලියන්න පුලුවන්.interface වලට non-abstract methods කොහෙත්ම තියෙන්න බෑ.abstract method විතරයි.

interface animal
{
int age=10; /* මේක public static final වර්ගයේ variable එකක්*/
void eat(); /*මේක public abstract වර්ගයේ method එකක්*/
/*static, final කියන වචන methods වලදි පාවිච්චි වෙන්නෙ නෑ*/

}

මම උඩින් කියපු කථාව ඕන වෙන්නෙ මෙහෙමයි.

අපිට abstract methods විතරක්ම තියෙන class එකක් ලියන්න වුනොත් අපිට ලේසියෙන්ම class එක වෙනුවට interface දාන්න පුලුවන්.interface හුගක්ම පාවිච්චි කරන්නෙ multiple inheritence වලට,

No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...