දැනට තිබෙන පාඩම්...

Monday, August 3, 2015

Database ඉගෙන ගනිමු - 3 පාඩම

කලින් දෙකේම SQL පැත්ත වැඩියෙන් කථා කරපු නිසා මේකෙ therory පැත්ත කථා කරන්න හිතුවා.

database ප්‍රධානව කොටස් කීපෙකට බෙදන්න පුලුවන්.

  1. traditional database- මේකෙන් කියන්නෙ manual database ගැන.කොල වල ලියලා කැබිනට් වල දාලා තිබ්බ databases
  2. multimedia database- මේකෙන් කියවෙන්නෙ multimedia files අඩංගු වෙන database ගැන. multimedia files කියන්නෙ audio, video,text, images,animations වගේ දේවල් අඩංගු වෙන files වලට
  3. geographic information systems- maps ගබඩා කිරීම හා විශ්ලේෂණය කරනවා.
  4. data warehouses/online analytical processing systems - වැදගත් ව්‍යාපාර කටයුතු විශ්ලේෂණය කිරීම හා ලබාදෙනවා.ඉතා විශාල database වලින් තොරතුරැ අරන් දෙනවා.තව තීරණ ගැනීමේ පද්ධතියට (decision making system)සහය ලබා දෙනවා.
  5. real time/active databases- මේක පාවිච්චි වෙන්නෙ කර්මාන්ත වලට අයිති database වලට
meta data- මේකෙන් කියන්නෙ data පිලිබද සියලු විස්තර සාරාංශ ගතකිරීමක්
kernel- database එකක management එක සතු සියලු software සහ ඒවාගේ හැසිරීම වෙන්නෙ ඇයි කියන දේ සහ සම්පූර්ණ පාලනය වෙන්නෙත් මේකෙන්

database එකක් design කිරීම
  • විශ්ලේෂණයට වගේම වර්ගීකරණයට අවශ්‍ය කරැණු (requirements specification and analysis)
  1. දත්ත ප්‍රමාණය(quantity)
  2. දත්ත වර්ගය (data type-number, text)
  3. දත්ත පරාසය (data range -0 to 100)
  4. දත්තවල වටිනාකම
  • සංකල්පීයව හදාගන්න design එක(conceptual design )- ER diagrams වල Entity Relationship diagrams සැකසීම
  • තාර්කිකව හදන design එක (logic design)-Code ලිවීම 
  • භෞතිකව හදන design එක(physical design)- තැන්පත් කරන උපකරණ දත්ත ව්‍යූහ යෙදුම් මෘදුකාංග  (MY SQL) 
  • ආරක්ෂාව පිළිබද design එක(security design)- userට අදාල වෙන දත්ත වලට පමණක් යෑමට අවසර දීම(firewall system)

 database වර්ග ප්‍රධාන කොටස් කීපයක් යටතේ බෙදන්න පුලුවන් ඒවගේ වර්ගය අනුව

  1. Flat File Systems: 1960දී හදුන්වලා දුන්න මේ ක්‍රමයට අනුව දත්ත පද්ධති තනි වගුවක් යටතේ සංවිධානය වෙන්නෙ
  2. Relational Model:  පොදු අනුලක්ෂණයන්ගෙන් පිරැණු database එකක්, මේ data එකිනෙක connect කරපු table වල තමයි ගබඩා කරලා තියෙන්නෙ. මේවගෙ පේලියක් හැදෙන්නෙ attribute කිහිපයක එකතුවෙන්
  3. Hierarchy Model: ගසක ව්‍යූහය විදියට හැදුනු database එකක්
  4. Network Model: එකිනෙක සම්බන්ධ වුනු අතු ශාඛා රාශියක් ආකාරයට සෑදුනු database එකක්, හැබැයි hierarchy model වලට වඩා වෙනස්. පරස්පර වගෙයි.
මේවගෙ වාසි අවාසි ඊළග ලිපියෙන් කථා කරමු යාලුවනේ...



No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...