දැනට තිබෙන පාඩම්...

Monday, December 21, 2015

WEB ඉගෙන ගනිමු - 2 පාඩම

කලින් පාඩමේදි අපි කථා කරන්න පටන් ගත්තා HTML මුල හරිය.
දෙවෙනි පාඩමෙන් අපි තව ඉස්සරහට HTML ගැන කථා කරනවා.

 ගියපාර නැවැත්තුවා <h1> - <h6> වලින්. මේ පාර පටන් ගන්නෙ පොඩි විශේෂ කාරනාවකින්
ඒ තමයි !DOCTYPE HTML විදියට සදහන් කරන දේ

මේ විදියට type කරපුවම browser ඒකට ලේසියි web page ඒක නිවැරදිව display කරන්න. ඒ විදියට කියන්න හේතුව web වල ඒක ඒක විදිහෙ document types තියෙනවානෙ.නිවැරදිව display කරන්න browser ඒක නිවැරදි document type ඒක වගේම version ඒකත් දැනගෙන ඉන්න ඔින.

HTML version 5 වලදි <!DOCTYPE HTML> විදියටත් version 4.1 වලදි <!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN" "http://www.w3.org/TR/html4/loose.dtd"> XHTML version 1.0 වලදි <!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd">

මේක type වෙන්නෙ page ඒකේ උඩින්මයි.

ඊලග tag ඒක තමයි anchor tag ඒක. මේක code වෙන්නෙ <a></a> විදියට
ඒ කියන්නෙ <a href="http://www.google.com">GOOGLE</a> යන කොටස code කලාට පස්සෙ web page ඒක load වුනාට පස්සෙ පේන්නෙ GOOGLE විදියට. මේ වචනෙ උඩ click කරාට පස්සෙ ඔයාට ඒ ලින්කුවට අදාල පිටුවට යන්න පුලුවන්. මේකෙ href කියලා තියෙන්නෙ attribute ඒකක් tag ඒකේ. attribute පාවිච්චි වෙන්නෙ tag වැඩියෙන් විස්තර කරන්න ඔින වුනාම.

මීලගට අපි කියන්නෙ අලුත් tag ඒකක් ගැන. ඒ තමයි img tag ඒක.<img> tag ඒකේ විශේෂත්වෙ තමයි මේකට tag ඒක යුගල් විදියට නෙමෙයි තියෙන්නෙ. තනි tag ඒකක්.
<img src="image.jpg" alt= "google.com" width="104" length = "120"/>
මේකෙ attribute ගැන කථා කථා කලොත් src කියන්නෙ image ඒකට අදාල වෙන නම. alt කියන්නෙ alternative text කියන දේමයි. width කියන ඒකින් රූපයේ පළලත් length කියන ඒකින් රූපයේ දිගත් අදහස් වෙනවා...

br කියන tag ඒකත් තනි tag ඒකක්. <br/> වලින් තමයි ඒක පෙන්වන්නෙ. මේකට empty HTML element ඒකක් විදියටත් හදුන්වනවා.ඒ මේ tag ඒකට attribute මුකුත්ම නැති නිසා.
 My name is Chamiya.<br/>I live in Sri lanka  විදියට code කලොත්.web page ඒකේ

My name is Chamiya.
I live in Sri lanka.

විදියට තමයි ලැබෙන්නේ.

අපි ඊලග ලිපියෙන් තව ඉස්සරහට කථා කරමු web ගැන...




No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...